අසිරිමත් මිනිස් සිරුර – 7 : ලේ ගැලීම වලක්වන රුධිර පට්ටිකා

අද රුධිරයේ සංයුතියට දායක වන අවසාන සෛල වර්ගය වන රුධිර පට්ටිකා මොනවාදැයි කියා බලමු.

රුධිර පට්ටිකා (Platelets):

රුධිර පට්ටිකා සෛල ලෙස හඳුන්වා අපි නිතර කතා කලත්, ඒවා ඇත්තටම සෛල නොවේ. මේවා ඇටමිදුළු වල පවතින මෙගාකැරියෝසයිට (Megakaryocytes) නම් සෛල වල කොටස් අංකුරනය (budding) වීම මගින්. වම් පස රූපයේ පෙනෙන පරිදි ඒවා ඉතාමත් කුඩා දේහයන්ගෙන් සමන්විත වේ.සාමාන්‍ය පුද්ගලයෙකුගේ සිරුරේ ලේ වල මයික්රෝලීටරයට 150000-450000 අතර ප්‍රමාණයක් රුධිර පට්ටිකා පවතිනවා.

රුධිර පට්ටිකා වල ප්‍රධාන කාර්යය අපේ ශරීරයේ කිසියම් තැනක තුවාලයක් ඇති උනොත් ලේ ගලන එක නැවැත්වීමට ක්‍රියා කිරීමයි. එය විවිධ පියවර කිහිපයකින් යුතු සංකීර්ණ ක්‍රියාවලියක්‌. නමුත් කෙටියෙන් පවසනවානම් එහිදී වෙන්නේ යම් රුධිර වාහිනියකට අනතුරක් සිදු උනොත්, එහි බිත්තියේ ඇති සෛල මගින් විවිධ රසායනික සංඥා නිකුත් කර මෙය අනෙකුත් සෛල වලට දන්වා සිටිනවා. ඉතින් මෙය රුධිර පට්ටිකාවකට දැන ගන්නට ලැබුනම එය ක්‍රියාකාරී තත්වයට පත් වී රුධිර කැටි ගැසීමට අවශ්‍ය තවත් රසායනික සංඥා නිකුත් කරනවා. මෙය තව තවත් රුධිර පට්ටිකා එතනට කැඳවීමට උදව් වෙනවා. අවසාන ප්‍රථිඵලය රුධිර නාලයේ අනතුරට බඳුන් උන තැන ඇති විවරය රුධිර පට්ටිකා වලින් හා ෆයිබ්‍රින් නම් ප්‍රෝටීන වලින් සැදි ඇබයකින් අවහිර වීමයි.

රුධිර පට්ටිකා අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු උන විට එම තත්වය ත්රොම්බෝසයිටෝපීනියා (Thrombocytopenia) ලෙස හඳුන්වන අතර එවිට සුළු තුවාලයක් උනත් නොනවත්වා ලේ ගැලීම සිදුවේ. ඩෙංගු රෝගයේදී අභ්‍යන්තර රුධිර වහනය සිදු වෙන්නෙත් මේ රුධිර පට්ටිකා ප්‍රමාණය ඉතා අඩු වීමෙන්. ඒ වගේම රුධිර පට්ටිකා අනවශ්‍ය පරිදි වැඩි උනොත් (Thrombocytosis) සිරුරේ තැන තැන ලේ කැටි ඇති වීමට එය හේතුවක් වනවා.

Advertisements
This entry was posted in මිනිස් සිරුර and tagged , , , . Bookmark the permalink.

4 Responses to අසිරිමත් මිනිස් සිරුර – 7 : ලේ ගැලීම වලක්වන රුධිර පට්ටිකා

  1. arunishapiro පවසයි:

    Meningitis/Meningococcal සඳහා ඇමෙරිකන් විශ්ව විද්‍යාලයට යන නවකයාට එන්නත ගන්න තරයේ බලකරනවා. එම එන්නතේ අතුර ඵලයක් විදියට ත්‍රොම්බොසයි‍ටෝපීනියා තත්වයක් ඇති වෙන්න ඉඩ කඩකුත් තියනවා. අපි දන්න ලාංකික දෙමාපියන්ගෙ මෙහෙ උපන්න දරුවෙකුට දැන් විශ්ව විද්‍යාලයෙන් උපාධි ලබලාත් තවම තත්වය එහෙමයි. එන්නතක් ලබා ගැනීමෙන් සිදුවන ලාභ අලාභ දැන ගැනීම සඳහා එන්නත් ගනිද්දී අතුරු ඵල ගැන සොයා බැලීම වැදගත්.

    • බොහොමයක් එන්නත් වල මෙවැනි අතුරු ප්‍රතිඵල තිබෙනවා. නමුත් ඒවා ඉතාම විරලයි. සාමාන්‍යයෙන් එන්නතක අතුරු ප්‍රතිඵල ඇති වන්නේ මිලියන ගණනකින් එක අයකුට. එන්නත් නිපදවා තිබෙන්නේ එම අතුරු ප්‍රතිඵල වලට වඩා දරුණු රෝග වලින් අපව ආරක්ෂා කර ගැනීමට නිසා එන්නත් භාවිතා කිරීම වැදගත් වෙනවා. උදාහරණයක් ලෙස අප රටවල පෝලියෝ රෝගය වැළැක්වීමට යොදන එන්නත නිසා මට මතක විදිහට දරුවන් මිලියන දහයකින් එක් අයකුට පෝලියෝ රෝගය වැළදීමේ අවදානමක් තිබෙනවා. නමුත් එම එන්නත භාවිතය නිසා අප රට පෝලියෝ රෝගය තුරන් කල තත්වය ලබා ගැනීමේ ආසන්නයේ ඉන්නේ. අපි එහි අතුරුඵල නිසා දරුවන් පෝලියෝ මිලියන දහයකින් එක් අයකු තත්වයට පත්වෙන්න පුළුවන් කියා මෙම එන්නත භාවිතා නොකලා නම් මේ වන විට ළමයි කොපමණ සංඛ්‍යාවක් පෝලියෝ රෝග තත්වයෙන් සදහටම අබාධිත බවට පත් වේවිද?

  2. arunishapiro පවසයි:

    පැහැදිලි කිරීමක් අවශ්‍ය වේ යැයි සිතෙන නිසා තවත් ලියන්නම්.

    පෝලියෝ වැනි එන්නත් වලින් අතුරු ප්‍රතිඵල වලට වඩා දරුණු රෝගයකින් ගැලවෙන්න පුළුවන්. පැපොල් වැනි බෝවෙන රෝග ද අද එන්නත් නිසා මේ රටවලින් දකින්න බැහැ. එවැනි එන්නත් ගැන නෙමෙයි මම ප්‍රශ්නය මතු කළේ.

    සමහර සමාජ කොට්ඨාශයන්ට අයත් වීම නිසා ලබාගත යුතු යැයි කියන එන්නත්. ලංකාවට එන්න කළින් සංචාරකයෙක් මැලේරියා, ඩෙංගු, පාචනය වැනි දේවල් වලට අනිවාර්යෙන්ම ප්‍රතිශක්තිකරණ ලබාගෙන ආ යුතු ද වැනි ප්‍රශ්නයක්.

    අද සමහර නිර්දේශ කරන එන්නත් Meningitis/Meningococcal වැනි දත්ත පෙන්වා නොදී තමන් ලබාගත යුතු යැයි කියන ඒවා. ඕක විශ්ව විද්‍යාල ප්‍රථම වසර සිසුන්ට අනිවාර්ය වෙන්නෙ ඇමෙරිකාවේ ප්‍රථම වසර සිසුන් නේවාසික වීම අනිවාර්ය විශ්ව විද්‍යාල වැඩි නිසා. නමුත් දත්ත ගැන සොයා බලද්දී විශ්ව විද්‍යාලයන්ට ඇතුල් වන කොපමණ සිසුන් සංඛ්‍යාවක් එන්නත ලබා ඇත් ද? කොපමණ සිසුන් සංඛ්‍යාවකට එන්නත ලබා නොගත් නිසා රෝගය වැළඳුනා ද යන්න කවුරුත් මෑතක දී අධ්‍යයනයක් කරලා නැහැ. තමන්ට එය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරලා අත්සන් ගහපු කොළයක් විශ්ව විද්‍යාලයට බාර දෙන්න පුළුවන්. එහෙම කරන සංඛ්‍යාව ගැන හොයා ගන්න විදියක් නැහැ. ඉතින්, තව දුරටත් විශ්ව විද්‍යාලය පරිසරය නිසා ආසාධිත නොවන රෝගයකට එන්නත් ගනිමින් මුල් වසරේ සිසුන් මහත් සංඛ්‍යාවක් ඉන්නවා දැයි නැද්දැයි සොයා ගන්න ක්‍රමයක් නැහැ.

    • මට තේරෙන විදිහට අක්කගේ ප්‍රශ්නය වන්නේ, පැහැදිලිවම වැළඳීමට අවදානමක් නැති රෝගයකට එන්නතක් ලබා ගන්නේ මොකටද කියන එක නේද?

      මට ඇති දැනුමේ හැටියට මේ සඳහා රෝගයේ පැතිරීම් රටාව (Mode of transmission) මීට බලපානවා:

      1. Meningococcal meningitis වල පැතිරීමේ රටාව පිලිබඳ අධ්‍යයනය කිරීම් වලින් සොයාගෙන ඇති කරුණු අනුව එය පැතිරෙන්නේ ඛේට අංශු (Saliva Droplets) මගින්. මොකද එම රෝගය සාදන Neisseria meningitidis නම් බැක්ටීරියාව වාසය කරන්නේ මුලිකවම අපගේ ග්‍රසනිකාව (Pharynx) තුල නිසා. තවත් වත් කරුණක් තමා Neisseria meningitidis සමාජයේ බොහෝ අයගේ ග්‍රසනිකා තුල කිසිම රෝග තත්වයක් සිදු නොකර ජීවත් වෙනවා. Neisseria meningitidis සඳහා එකම සංචායක ජීවී කොට්ඨාශය (Reservoir species) මිනිසා පමණයි.
      2. මෙවන් පැතිරීම රටාවක් තිබෙන රෝගයකට, හොස්ටල් එකක් හෝ මිලිටරි කඳවුරක වැනි මිනිසුන් රැසක් සමීපව ගැවසෙන ස්ථානයක පැතිර යාම ඉතා පහසුයි. මෙය විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු කල කරුණක්.
      3. ඕනෑම ආසාධනයක රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට පෙර එම අසාධනය කරන ජීවියා අප සිරුර තුල වැඩීමට කාලයක් (Incubation period) ගන්න අතර, එම කාලය තුල අනිත් අයට රෝගය බෝවීම සිදු වීම.
      4. ඕනෑම බෝවන රෝගයක එක ලක්ෂණයක් වන්නේ, යම් ජනගහනයක කිසියම් ප්‍රතිශතයකට එම රෝගයට එරෙහිව ප්‍රතිශක්තියතිබීම මගින්, එම ජනගහනයේ ප්‍රතිශක්තිය නැති අයට රෝගය වැළඳීමේ ප්‍රවනතාවය අඩුවීම. මෙයට හර්ඩ් ඉමියුනිටි (Herd Immunity) කියා කියනවා.

      ඉතින් මේ කරුණු සියල්ල සලකා බැලුවහම මෙතනදී වැදගත් වන කරුණ ළමුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් එන්නත ලබා ගතහොත් එමගින් යම ආකාරයකින් මෙමෙ රෝගය කිසිවකුට වැළඳුනත් එය අනෙත් අයට පැතිර යාමට ඇති හැකියාව අඩු වීමයි. ඉතින් මෙය ප්‍රතිශක්තිය අඩු අයකුට රෝගය බෝ නොවීම උදෙසා වාසිදායක තත්වයක් බවට පත් වෙනවා. මිලිටරි සේවය හා විශ්ව විද්‍යාල වලට ඇතුළු වන අයට මෙම එන්නත ලබා ගැනීමට බල කිරීම සඳහා හේතුව මෙය බව මගේ හැගීමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )